විමල්ට එරෙහි නඩුව පවත්වාගෙන යනවාද? නැද්ද? තීන්දුව ලබන මස 28 වනදා
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද නැද්ද යන තීන්දුව ලබන මස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද දැනුම් දුන්නා.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදි රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපළ අයතා ලෙස උපයාගත් බවට චෝදනා කරමිනුයි විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකතනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි බවට වීරවංශ මහතාගේ නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර තිබුණා. ඊට අදාළ ලිඛිත දේශන දෙපාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ අද ගොනු කළා. ඉන් අනතුරුවයි නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද යන තීන්දුව පෙබරවාරි 28 වනදා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කලේ.