fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ලෙස අලෙවි කරන්නට හැදූ කෝටි දෙකක් වටිනා වාලම්පුරිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 10:47

නීතිවිරෝධී ලෙස අලෙවි කරන්නට හැදූ කෝටි දෙකක් වටිනා වාලම්පුරිය

රුපියල් කෝටි දෙකක් වටිනා වාලම්පුරියක් අලෙවිකිරීමට සූදානම් වූ පුද්ගලයෙකු වව්නතිව්, ඉරට්ටචෝනමඩු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියේ වට ප්‍රමාණය සෙ.මීටර් 34ක්; දිග සෙ.මී.23ක් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු හා වාලම්පුරිය වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්