fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

FACEBOOK මත් සාදයක් වටලයි – සංවිධානය කළ තරුණියක ඇතුළු 04ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 10:36

FACEBOOK මත් සාදයක් වටලයි – සංවිධානය කළ තරුණියක ඇතුළු 04ක් අත්අඩංගුවට

මුහුණු පොත හරහා සංවිධානය කර කොම්පඤ්ඤවීදියේ සුපිරි අවන්හලක පැවැත්වූ මත් සාදයක් වැටලීමට පොලිසිය සමත්වුණා.

එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි අවන්හලක තිස්වෙනි මහලේ මෙම මත් සාදය පැවැත්වූ අතර ලැබුණු තොරතුරකට අනුව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් එම ස්ථානය වටලනු ලැබුවා.

එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණියක හා තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මෙම උත්සවශාලාව රුපියල් ලක්ෂ 5ක කුලියකට කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාගෙන තිබූ බවයි මූලික පරික්ෂණවලදී හෙළිවුණේ.

සාදයට සහභාගී වූවන්ට මත්පැන් බෝතලයක් රුපියල් විසිඅටදහසක මුදලකට අලෙවිකර ඇති බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුන් දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර එක් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ලබන 20 වනදා දක්වා පොලිස් භාරයේ තබාගැනීමටයි අධිකරණය අවසර ලබා දී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්