fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 10:28

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද පස්වරු 6ට පැවැත්වෙනවා. ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

උත්තරලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12 ක් එක්ව හෙළිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා නිදහස් ජනතා සන්ධානය පිහිටුවනු ලැබුවා. ඒ අනුව අද පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකගතාවට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට ද වාර්තා පළවී තිබෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරිමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්