හොරණ වෙඩි තැබීමකින් 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට තුවාල
Related Articles
මොරගහහේන පොලිස් වසමට අයත් හොරණ කුඹුක ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද අලුයම 1.00 ත් 2.00 ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොකුණුවිට ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ගමන්කළ මෝටර් රථයක් පසුපස යතුරුපැදියකින් හඹා පැමිණ වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමට ලක්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකුයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.