fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවනැල්ලේ අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 09:33

මාවනැල්ලේ අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රදේශයේ දී අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන හුරීමලුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී සොයා ගැනුනා. මෘත ශරීර කෑගල්ල රෝහල් මෘත ශාරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එම සිරුරු මෙතෙක් අතුරුදන්වූ දෙදෙනාගේ බවට හදුනාගෙන නැහැ. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ නිවසේ සඟවා තිබියදී මරණකරුවෙකුගේ යතුරුපැදිය ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගැනුනා. සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්