fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 09:05

නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි

නේපාලය අද දිනය ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊයේ නේපාලයේ සිදුවූ ගුවන් අනතුරෙන් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණා. පුද්ගලයින් 72 දෙනෙකු රැගත් ගුවන් යානය කඩා වැටුනේ මධ්‍යම නේපාලයේ පොකාරා ගුවන් තොටුපළේ ආසන්නයේදීයි. නේපාලයේ යෙටි ගුවන්සේවයට අයත් මෙම ගුවන් යානය කත්මන්ඩු නුවර සිට පොකාරා දක්වා ගමන් කරමින් තිබුණා. ගුවන් යානයේ හටගත් ගින්නක් හේතුවෙන් ගුවන් නියමුවා යානය පොකාරා ගුවන් තොටුපළ ආසන්නයේ ඇති ගංගාවක් අසලට ගොඩබැස්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදීයි යානය කඩා වැටීමට ලක්ව ඇත්තේ. කෙසේ වුවත් මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නේපාල අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2023 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්