ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි
Related Articles
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් අද ඉවත්වුණා. ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදී තිබෙනවා.
2014 වසරේ අග භාගයේ දී රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එඩිතර තීන්දුවක් ගත් අවස්ථාවේ තමා නොසැලී එම තීන්දුවත් සමග සිටි බව ෆයිසර් මුස්තාපා මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකළ ලිපියේ සදහන්කර තිබෙනවා.