ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් දිල්හි නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි
Related Articles
ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් දිල්හි නෞකාව නිළ සංචාරයක් සදහා ත්‍රිකුණාමල වරායට සේන්දු වුණා.
ත්‍රිකුණාමල වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවට අයත් මෙම නෞකාව නාවික හමුදා සම්ප්‍රධායානුකූලව පිළි ගැනුනා. යුද නෞකාවක් වන මෙය දිගින් මීටර 163.2ක් වන අතර එහි බලමුළුව 300 දෙනෙකුගෙන් සමන්විතයි. කපිතාන් ෂිරාස් හුසේන් අසාද් මහතා නෞකාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා. නැගෙනහිර නාවික අඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා හා නෞකාවේ අණ දෙන නිලධාරියා අතර නිළ හමුවක් ද පැවැත්වුණා. නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ රැදි සිටින කාලය තුළ දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා දැනුම වර්ධනය කරන වැඩසටහන්වලට එක්වීමට නියමිතයි. මෙම නෞකාව නිළ සංචාරය අවසන් කරමින් අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.