අනවසරෙන් මැණික් ගෑරු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
හංගමුව ගගෙහි අනවසරෙන් මැණික් ගෑරු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව නිවිතිගල හංගමුව ගඟ ආශ්‍රිතව වැටලීම් 3ක් සිදුකළා. එහිදි නීති විරෝධිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කලේ. ඔවුන් යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර ගනිමින් මැණික් ගැරීම් සිදුකර ඇති අතර එම යන්ත්‍රෝපකරණ ද එම බලකාය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් වැඩිදුර විමර්ෂන සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදීමටයි කටයුතු කෙරුණේ.