fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය මාසය තුළ චීනයේ කොරෝනා ආසාදිතයින් හැටදහසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 09:58

පසුගිය මාසය තුළ චීනයේ කොරෝනා ආසාදිතයින් හැටදහසක් ජීවිතක්ෂයට

පසුගිය මාසයක කාලය තුළ චීනයේ කොරෝනා ආසාදිතයින් හැටදහසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 8 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා අතර කාලය තුළ චීනයේ කොරෝනා මරණ 59,938 ක් වාර්තා වී තිබෙනවා. චීනයේ ශූන්‍ය කොවිඩ් පතිපත්තිය නවතා දැමීමෙන් නිල වශයෙන් වාර්තා කළ පළමු මරණ වාර්තාව මෙයයි. මියගිය අයගෙන් බොහෝ දෙනෙකු 80ට වැඩි පිරිස වනවා. මෙම සංඛ්‍යා ලේඛනවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවන ශ්වසන අපහසුතාවලින් සිදුවී මරණ සංඛ්‍යාව 5,503 ක්. එමෙන්ම මෙම වයිරසයේ අතුරු ආබාධ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 54,435ක් බවයි මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ. කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වනවිට චීනයේ ප්‍රධාන නගර ආශ්‍රිතව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2023 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්