චීනය ඉන්දුසියා මුහුදු ප්රදේශයට දැවැන්ත නෞකාවක් එවීමත් සමඟ ඉන්දුනීසියාවද යුද නෞකාවක් එම ප්රදේශයට පිටත් කර හැර තිබෙනවා.
සම්පත් බහුල ප්රදේශයක් ලෙස සැළකෙන උතුරු නටුනා මුහුදු ප්රදේශයටයි චීන නෞකාව පැමිණ ඇත්තේ. චීන නෞකාව සම්බන්ධයෙන් අඛණ්ඩවම නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය හමුදා සදහන් කළා.
චීනයේ සීසීජී 5901 නෞකාව මේ සදහා යොදවා ඇති අතර එය ලොව විශාලතම වෙරළාරක්ෂක නෞකා අතරින් එකක් වනවා. මුහුදු සීමාවන් සම්බන්ධයෙන් චීනය සහ නැගෙනහිර ආසියාතික රටවල් අතර නිරන්තරයෙන් ගැටුම් පවතිනවා.