නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු, මල් සහ පළතුරු වගා කරුවන්ට විශේෂිත මිශ්‍ර පොහොර
Related Articles
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු, මල් සහ පළතුරු වගා කරුවන්ට විශේෂිත මිශ්‍ර පොහොර ලබා දීමට ලක් පොහොර සමාගම කටයුතු කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවරඑළිය සංචාරයේදී ගොවීන්ට මිශ්‍ර පොහොර නොමැතිබවට අනාවරණ වීමෙන් පසු මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරුණා. සීමා සහිත ලක් පොහොර සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් යටතේ වැඩපිළිවෙල මෙම විශේෂ මිශ්‍ර පොහොර නිශ්පාදනය කර තිබෙනවා.
කිලෝවක් රුපියල් 300 බැගින් අය කිරීමටයි ලක් පොහොර සමාගම කටයුතු කර ඇත්තේ. මිශ්‍ර පොහොර පැකට් සංකේතාත්මකව ගොවීන්ට ලබා දිමේ වැඩසටහනක් නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේදී අද සිදු කෙරුණා.