සීගිරි පර්වතයේ සිට දිනපතා ඉරපායන දර්ශන හා ඉර බැස යන දර්ශන නැරඹීමට අද සිට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදාවුණා.
සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිලිවෙලට සමගාමීවයි මෙම අවස්ථාව උදාකර දී ඇත්තේ. ඒ අනුව අලුයම 5.30 සිට රාත්‍රී 9.00 වන තෙක් සංචාරකයන්ට සීගිරියේ සිට ඉර සේවය නැරඹීමේ අවස්ථාව උදාවනවා. මෙහි ආරම්භක අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
විදෙස් සංචාරකයින් පිරිසක් ද මෙම චමත්කාරජනක අත්දැකීම ලබා ගැනීමට සීගිරියට පැමිණ සිටියා. ඔවුන් ප්‍රකාශ කළේ මෙය තමන්ට ලැබුණු මහත් භාග්‍යයක් බවයි.
සීගිරිය පමණක් නොව සංචාරක ආකර්ෂණය ඇති බොහෝ පුරාවිද්‍යා ස්ථාන නැරඹුම් මධ්යස්ථානබවට පත්කරමින් ආර්ථිකයට ශක්තියක් ලබාදීමේ වැඩපිළිවෙල මේ වනවිට ක්‍රියාත්මකයි. සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා මෝටර් රථ සේවාවක් ඉදිරියේදී ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර තිබෙනවා.