fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසේන් බෝල්ට්ගේ ගිණුමකින් මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 15:32

උසේන් බෝල්ට්ගේ ගිණුමකින් මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පරීක්ෂණ

ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරයෙකු වන උසේන් බෝල්ට්ගේ ගිණුමකින් ඇමෙරිකා ඩොලර් මීලියන ගණනක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ජැමෙයිකාවේ මූල්‍ය ආයෝජන ආයතනයක මෙම මුදල් තැන්පත් කර තිබූ අතර දැවැන්ත ජාවාරමක ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් අස්ථාන ගත වී ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

අවුරුදු 10 කට වැඩි කාලයක් උසේන් බෝල්ට් මෙම සමාගමේ මුදල් ආයෝජනය කර තිබුණා. 2018 වසරේදී උසේන් බෝල්ට් ක්‍රීඩාවෙන් සමුගත් අතර ඔහු ඔලිම්පික් රන් පදක්කම් 08 ක් හිමිකරගැනීමට සමත් වූ අයෙක්.

2009 වසරේදී මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර නවයයි දශම පහයි හතකින් නිම කර ඔහු තැබූ ලෝක වාර්තාව තවමත් කිසිවෙකුටත් බිදීමට හැකි වී නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්