රත්‍රන්වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ්පත් සමඟ කාන්තාවක අත්අඩංගුවට
Related Articles
නීති විරෝධී ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේ ක්‍රමවේදයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට රේගු නිලධාරීන් සමත්වුණා.
රත්‍රන්වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ්පත් බව හඟවමින් මෙම ජාවාරම සිදුකරන බවයි රේගු නිලදාරීන් ප්‍රකාශ කරන්නේ. මේ අයුරින් මෙරටට රැගෙන ආ රුපියල් එකොළොස්කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් විටිනා කැරට් 24 රත්‍රන් තොගයක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සමත්වුණා. විවිධ වාණිජ බැංකු මගින් නිකුත්කළ ක්‍රෙඩිට් කාඩ්පත් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයෙන් මේවා සකස් කර තිබෙනවා. මේ අයුරින් මෙරටට නීතිවිරෝධීව රත්‍රන් රැගෙන ආ පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.