බිරිඳ ඝාතනය කළ සැමියා තුන්වන මහලේ සිට බිමට පනී
Related Articles
බොරැල්ල සර්ෆන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී කාන්තාවක පහර දී ඝාතනය කෙරුණා.
ඇගේ සැමියා පවුල් ආරවුලක් මත තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32 ක කාන්තාවක්. ඝාතනය සිදුකළ පුද්ගලයාද මෙම මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ සිට බිමට පැන ඇති අතර ඔහුද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.