ගාල්ල තවලම රක්ෂිතයේ සිදු කළ මහා පරිමාන දැව ජාවාරමක් වටලයි
Related Articles
ගාල්ල තවලම රක්ෂිතයේ සිදු කළ මහා පරිමාන දැව ජාවාරමක් වැටලීමට වන සංරක්ෂණ දෙපාරත්මේන්තුවේ ගාල්ල දිසා වන නිලධාරීන් සමත්ව තිබෙනවා.
රජයේ වන රක්ෂිතයක් වන තවලම දරාකුල් කන්ද රක්ෂිතයේ කාලයක් තිස්සේ මෙම දැව ජාවාරම සිදු කර තිබෙනවා. ඒ අනුවයි ගාල්ල දිසා වන නිලධාරීන් එම රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙන්නේ. එහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් පුද්ගලයෙකු පැන ගොස් ඇති අතර ඔවුන් භාරයේ තිබූ යුතුරු පැදි ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කපා හෙලන ලද හොර කොස් ඇලස්ටෝනියා ආදී වර්ගවලට අයත් දැව කදන් තොගයක්ද වන සංරක්ෂණ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. දකූණ දිසා වන නිලධාරී ආනන්ද අබේවීර මහතා වෙත ලැබුණ තොරතුරකට අනුව සහකාර දිසා වන නිලධාරී අතුල දිවාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබෙනවා. සැකකරුවන් උඩුගම පොලිසීය වෙත භාරදීමටි කටයුතු කළේ.