ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන්න – ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ඉල්ලයි
Related Articles
ඇෆ්ගනිස්ථාන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය එරට තලෙබාන් පාලනයෙන් ඉල්ලා සිටිනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ ද අවධානය යොමුවී ඇති බවයි.
සෞදියේ ජෙඩා නුවර පැවති එම සංවිධානයේ විශේෂ හමුවකදී ඇෆ්ගනිස්තානයේ මානුෂීය තත්ත්වය සහ සංවර්ධනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම ඉස්ලාමීය නීතියේ අරමුණු හා අල්ලා දෙවියන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය නිකුත් කළ නිවේදනයක සදහන් වනවා.