fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 09:26

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ දකුණු අර්ධයේ අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්