fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානදුර කුඩු සළිදුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන කාන්තාවක අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 09:08

පානදුර කුඩු සළිදුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන කාන්තාවක අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සළිදු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන කාන්තාවක පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොරටුව මොරටුවැල්ල ප්‍රදේශයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. දැනට විදේශගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිදු ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිදු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 600ක්ද සොයා ගැනුනා. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් තොගයක්ද සොයා ගෙන තිබෙනවා. වයස අවුරුදු 38ක්වන මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2023 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්