ජනාධිපතිවරයාගේ සිට සියලු නිලධාරීන්ගේ බදු නිසි පරිදි අය කර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුයි
Related Articles
ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගේ මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය විය යුතු බදු නිසි පරිදි අය කර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිලිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
යම් තනතුරක් දරණ පුද්ගලයෙකුට මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස හිමිවන වාහන නිවාස, සේවකයන්ආදී සම්බන්ධයෙන් සළකා බලා බදු අය කිරීම් සිදු කළ යුතු බවයි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදීයී සභාපතිවරයා මේ බව කියා සිටියේ. 2023 වසරේදී රුපියල් බිලියන 1667 ක බදු ප්‍රමාණයක් අපේක්ෂා කරන බව ද දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා මෙහිදී කියා සිටියා. එය පසුගිය වසරට සාපෙක්ෂව රුපියල් බිලියන 922 ක වැඩිවීමක්. වැට් බද්ධ මගින්ද රුපියල් බිලියන 553ක ආදායමක්ද අපේක්ෂා කරනවා. බදු ගෙවීම් පැහැර හැරීමට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා. ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපෙන් බදු අය කරන බවට පැතිර යන වාර්තා අසත්‍ය බවයි දේශීය ආදායම් දෙපාරත්මේන්තුවේ නිලධාරින් කියා සිටියේ.