fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසන්ත මුදලිගේ ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 19:33

වසන්ත මුදලිගේ ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පසුගිය  මැයි මස 19 වනදා කොටුව බැංකු මාවතේ සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ වන විට රැදවුම් නියෝග යටතේ රදවාගෙන සිටින වසන්ත මුදලිගේ ඇප මත මුදාහරින්නැයි කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වසන්ත මුදලිගේ ලබන 20වනදා තෙක්   රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

අදාළ අධිකරණ නියෝග දැනුම්දීමට යාමේදී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට අයුතු බලපෑම් සිදු කළ බවට මුදලිගේට එරෙහි චෝදනා එල්ල වී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්