ගුවන්තොටුපොළට ඊ දොරටු පහසුකම් නිසි ක්‍රමවේදකින් යුතුව සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස්
Related Articles
ගුවන්තොටුපොළට ඊ දොරටු පහසුකම් නිසි ක්‍රමවේදකින් යුතුව සකස් කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
ප්‍රථම අදියරේදී පැමිණිමේ පර්යන්තයේ දොරටු දෙකක්ද, පිටවීමේ පර්යන්තයේ දොරටු දෙකක් ලෙසද ඉලෙක්ට්‍රොනික දොරටු සවි කිරීමටයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී ආරම්භ කර තිබුණත් නොයෙක් හේතූන් මත එය ක්‍රියාත්මක කිරීම මග හැරී තිබුණා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍යවරයා රටට වඩාත් වාසිදායක ලෙස අඩු වියදමකින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන හා නීතිමය අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලීන් කඩිනම් කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.