රංගන ලක්මාල් දේවප්‍රියගේ විදෙස් ගමන් තහනම ඉවතට
Related Articles
අන්තර් විශ්වවිද්‍යලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට හෙට දින ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේ ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුවයි එම හිමියන්ට අදාළ ප්‍රකාශය ලබා දෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සිරිධම්ම හිමියන් පසුගියදා අධිකරණය මගින් ඇප මත මුදා හැරුණා.
අරගලය හා සම්බන්ධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින රංගන ලක්මාල් දේවප්‍රිය යන අයගේ තාවකාලික විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඒ ඔහුට පෙබරවාරි 11 වනදා සිට 17 වනදා දක්වා විදේශගතවීමට අවශ්‍ය බවට කළ ඉල්ලීමකට අනුවයි. කෙසේ වෙතත් අමතර රුපියල් මිලියනයක ශරීර ඇප නියම කිරීමටද කටයුතු කෙරුණා.
මේ අතර පසුගිය ජුනි 9 වනදා ගාලු මුවදොර ප්‍රහාරය සැමරීම සදහා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා ලැබූ අයෙකුට නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවීමට නියෝග කෙරුණා. ඒ ආමි අමිල නොහොත් අමල් සාලින්ද යන අයට එරෙහිව නිකුත් කළ වරෙන්තුවයි. පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුගේ මුහුණට කෙළ ගසමින් නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් වූ බවටයි එම නඩුව පවරා ඇත්තේ.