ජනාධිපති මන්දිරයෙන් හමු වූ මිලියන 17.5 ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න – කොටුව මහේස්ත්‍රාත්
Related Articles
අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.5 සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.
මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙතෙක් එම මුදල්වලට අදාළව ප්‍රකාශ ලබාගෙන නැති බවට නීතිඥවරුන් කළ දැනුම්දීමකට අනුවයි.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් මේ බව සදහන් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැති බවයි.
ප්‍රකාශ ගැනීමට අත්අඩංගුවට ගැනීමේ නියෝග ලබාදීමට අවශ්‍ය නැති බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
අධිකරණ නියෝග අනුව එම මුදල්වලට අදාළව විමර්ශන සිදු කළ විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අදාළ වාර්තා පොලිස්පතිවරයාට සහ අධිකරණයට ඉදිරිපත් කළ දිනම දුරකතන ඇමතුම් දෙකක් ලබා දී එම අධ්‍යක්ෂවරයාට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අධ්‍යක්ෂවරයාගේ දුරකතන වාර්තා කැදවන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කෙරුණා.