නාසි සෙබලුන් සඟවන ලද රත්‍රන් සොයමින් නෙදර්ලන්තයේ ඔම්මේරන් ගම්මානයේ නිදන් සොරුන් ව්‍යාප්තවෙයි
Related Articles
නෙදර්ලන්තයේ ඔම්මේරන් ගම්මානයේ නිදන් සොරුන් ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
දෙවන ලෝක යුද සමයේදී ජර්මානු නාසි සෙබලුන් සඟවන ලද රත්‍රන් ඇතුලු වටිනා ද්‍රව්‍ය සොයමින් මෙම නිදන් සොරුන් කැනීම් කරන බවයි වාර්තා වන්නේ. නාසි හමුදා කටයුතු පිළිබඳ සිතියමක් වසර 75කට පසු ප්‍රසිද්ධ වීමත් සමඟයි නිදන් සොරුන් මෙම කටයුතු සඳහා යොමුව ඇත්තේ. කෙසේ වෙතත් බලධාරීන් සඳහන් කරන්නේ නාසි හමුදාව මෙවැනි වටිනා ද්‍රව්‍ය සැඟවීමක් සිදුකර නොමැති බවයි.