fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්කෝ 2023 ප්‍රදර්ශනය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 11:15

ඉන්කෝ 2023 ප්‍රදර්ශනය ඇරඹෙයි

ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු ආයතනය 17 වන වරටත් පවත්වන ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදර්ශනය අනිද්දා දක්වා පැවැත්වෙනවා.

සංවර්ධනයට දැක්මක් යන තේමාව යටතේයි ඉන්කෝ 2023 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රදර්ශනය අද හෙට සහ අනිද්දා පෙරවරු 10 සිට රාත්‍රි 8.30 දක්වා විවෘතව පවතිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්