fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ 9ක් සහ ස්වාධීන කණ්ඩායම් 9ක් ඇප මුදල් තැන්පත් කර අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 11:05

පක්ෂ 9ක් සහ ස්වාධීන කණ්ඩායම් 9ක් ඇප මුදල් තැන්පත් කර අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධීන කණ්ඩායම් 09 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන 197කට අදාළව මෙම ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

තමිල් මක්කල් විඩුදලෛප් පුලිකල් පක්ෂය, ජාතික ජනබලවේගය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,  ඉලංගෙයි තමිල් අරසු පක්ෂය,  සමගි ජනබලවේගය, ජනසෙත පෙරමුණ, අරුණලු ජනතා පෙරමුණ සහ  එක්සත් කොංග්‍රස් පක්ෂය යන පක්ෂයි මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත්තේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොටගල ප්‍රාදේශීය  සභාව සදහා එක් ස්වාධීන කණ්ඩායමක් ද ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මහනගර සභාව සදහා ස්වාධීන කණ්ඩායම් දෙකක් ද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය සදහා ස්වාධීන කණ්ඩායම් දෙකක් අකුරන සහ පූජාපිටිය යන ප්‍රාදේශීය  සභා සදහා ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහනගර සභාව සදහාත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවට  සහ පාලින්ද නුවර ප්‍රාදේශීය  සභාවටත් ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි නිල නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාවටත් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහා ඇප මුදල් තැන්පත් කිරීම කෑගල්ල මැතිවරණ කාර්යාලයේදී අද  සිදු වුණා.***කෑගල්ල සමන්ප්‍රිය

එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04 ක් සදහා කොංග්‍රස් පක්ෂය ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මැතිවරණ ලේකම් කාර්යාලයේදීයී.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්