fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිඹුලාඇලේ ගුණාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 09:36

කිඹුලාඇලේ ගුණාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇලේ ගුණාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 110ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කොල්ලුපිටිය පොලිසියට භාර දීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2023 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්