CDMA යන්ත්‍රයක් අසළ තිබි සොයා ගත් රුපියල් 70400ක මුදල් එහි හිමිකරුට ලබා දීමට පියවරගෙන තිබෙනවා.
5 වන් බලැනියේ ගජබා රෙජිමෙන්තුවේ සේවය කරන යුධ හමුදා නිලධාරී ලාන්ස් කොප්රල් ධීරසිංහ මහතා විසිනුයි එම මුදල හිමිකරුට ලබා දී තිබෙන්නේ.
හොරව්පාතන මහජන බැංකුවක CDMA යන්ත්‍රය මගින් මුදල් තැන්පත් කිරීමට යාමේදි අතපසුවී එම යන්ත්‍රය මගින් නිකුත් කර තිබු අයිතිකරුවෙකු නොමැති මුදල් හැත්තෑදහස් හාරසියක මුදල මෙම හමුදා නිලධාරීයාට හමුවී තිබුණා.
ඉන් අනතුරුව ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ධම්මික හේරත් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත එම මුදලේ අයිතිකරු වෙත භාරදීමට කටයුතු කෙරුණා.