කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට
Related Articles
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කාබුල් අගනුවර විදේශ කටයුතු අමාත්‍යාංශ ඉදිරිපිටයි මෙම බෝම්බ ප්‍රහාරය සිදුව ඇත්තේ. ප්‍රහාරයේ වගකීම අයි එස් අයි එස් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබෙනවා.
ප්‍රහාරයෙන පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව ද සදහන්. මෙම වසරේදි සිදුවු දෙවන දැවැන්තම ප්‍රහාරය මෙය බවයි තලේයිබාන් සංවිධානය පවසන්නේ.
ප්‍රහාරය සිදු කළ පුද්ගලයා අමාත්‍යාංශ තුළට ඇතුලු වීමට උත්සහ කර ඇති අතර එම උත්සහය ව්‍යර්ථ කිරීමට ආරක්ෂ අංශ නිලධාරීන් සමත්වුණා.
ජනතාව වැඩිපුර ගැවසෙන සවස 4ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.