fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජාතන්ත්‍රවාදය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහය

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 13:47

ප්‍රජාතන්ත්‍රවාදය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ සහාය හිමි වන බව එම සංගමය ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටෙෆන් ට්විග්ස් මහතා අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව මෑත කාලයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්ටෙෆන් මහතා කණගාටුව ප්‍රකාශ කළා.

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් සදහා ලබාදෙන පුහුණු වැඩසටහන්වලට පළාත් පාලන ආයතනවල සාමාජිකයන් මෙන්ම කාර්ය මණ්ඩල ඇතුළත් කරමින් එම වැඩපිළිවෙළ පුළුල් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.

එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට කෙටි කාලයකට ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් එහි පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උපකාර කිරිම සදහා එක්සත් ජාතීන්ගේ සීමාවාසික පුහුණුව යළි ආරම්භ කිරීමට සහාය වන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියා කලාපය නුදුරේදීම ශ්‍රී ලංකාවේ විවෘත කරන බවයි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුනා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්