යුක්රේනයේ අණදෙන නිලධාරී ජනරාල් සර්ජි සුරෝවිකින් ඉවත් කෙරේ
Related Articles
යුක්රේනයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ජනරාල් සර්ජි සුරෝවිකින් ඉන් ඉවත් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පියවර ගෙන තිබෙනවා.
එම ධුරයට ඔහු පත් කර මාස 03ක පමණ කාලයකට පසු ඉන් ඉවත් කිරීම විශේෂත්වයක්.
පසුගිය සති කිහිපය තුළදි යුක්රේනය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාව මෙහෙයවු පුද්ගලයා ලෙස ද ජනරාල් සර්ජි සුරෝවිකින් සැලකෙනවා.
යුක්රේනයේ රුසියා හමුදා කණ්ඩවල නව අණදෙන නිලධාරීයා ලෙස මාණ්ඩලික ප්‍රධානි ජනරාල් වැලරි ජෙරසිමෝෆ් පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ජනරාල් වැලරි ජෙරසිමෝෆ් රුසියා හමුදාවේ දීර්ඝතම කාලයක් මාණ්ඩලික ප්‍රධානි තනතුර දැරූ පුද්ගලයා ද වනවා.