fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 10:17

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කෙරේ

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කිරීමට සතොස තීරණය කළා.

දේශීය සම්බා, සුදු කැකුළු, සුදු නාඩු හා පාන් පිටිවල මිල ගණන් මෙසේ අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුපියල් පහක් අඩු කර දේශීය සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 220 කට අලෙවි කෙරෙනවා.

එමෙන්ම දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් පවතින මිලට වඩා රුපියල් දහසයක් අඩුවෙන් අලෙවි කරන බවයි සතොස සදහන් කරන්නේ.

ඒ අනුව දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක නව මිල  වන්නේ රුපියල් 189 ක්.

දේශීය සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 198 කට අලෙවි කෙරෙන අතර එය රුපියල් දෙකකින් අඩු කර තිබෙනවා.

පාන් පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් පහකින් අඩු කර තිබෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 240 ක්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2023 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්