ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්
Related Articles
ගතවු පැය 24ට ලොව පුරා රටවල් 228කින් කොරෝනා වෛරස ආසාධිතයින් ලක්ෂ 04ට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1600යි.
ඊයේ දිනයේදිත් වැඩිම වෛරස ආසාධිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්.
එම සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්නයි. එමෙන්ම දකුණු කොරියාවෙන් පනස් හතරදහසක්, ඇමෙරිකාවෙන් තිස් හත්දහසක් හා තායිවානයෙන් විසි පන්දහසක් ලෙස වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා
ගතවු පැය 24ට සිදු වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 408 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ විසි එක්දහසකට ආසන්න වනවා.
හමුවී ඇති සමස්ත වෛරස ආසාධිතයින් සංඛ්‍යාව හැටහය කෝටි අනූඅටලක්ෂයකට අධිකයි.