ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩගන්න ජනපති ගන්න වෑයමට එක්සත් ජනපදයේ ප්‍රසාදය
Related Articles
ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවරට ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අදමිරාල් අයලින් ලෝබකර් මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේදී හමු වුණා. එහිදීයී ඇය ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැළසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෝබකර් මහත්මය දැනුවත් කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබාගැනීම් පිළිබදව ද මෙහිදී සාකච්ඡාකෙරුණා.
ලෝබකර් මහත්මිය මෙහිදී පැවසුවේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ හවුල්කාරීත්වය අගය කරන අතර එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන බවයි.