හොඳම ගීතය හිමි ගෝල්ඩන් ග්ලොබ් සම්මානය තෙළිඟු චිත්‍රපට ගීතයකට
Related Articles
ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙලේ හොඳම ගීතය සඳහා ඉන්දීය තෙළිඟු චිත්‍රපටයක් වන ට්‍රිපල් ආර් චිත්‍රපටයේ නාටු නාටු ගීතය සම්මාන හිමි කර ගත්තා.
මෙම ගීතය සමග ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙලේ තරග කළේ ට්‍රේලර් ස්විප්ට් හා රිහානා යන ලෝකප්‍රකට ගායන ශිල්පීන් ගායනා කළ ගීතයි.
එහි ගායක එම් එම් කීරවානි මෙම සම්මානය ලබා ගැනීමට එක්ව සිටියා.
සම්මාන උළෙලේදී ස්ටීවන් ස්ප්‍රිල් බර්ග් අධ්‍යක්ෂණය කළ ඔහුගේ ජීවිත කතාව පදනම් කරගත් ද ෆේබල් මෑන්ස් චිත්‍රපටයට බෙස්ට් මෝෂන් පික්චර් ඩ්‍රාමා සම්මානය හිමිවීම විශේෂත්වයක්.
එහි හොදම නළුවා සම්මානය කෙවින් කොස්නර් හිමිකර ගත්තා. ඒ යෙලෝස්ටෝන් හි ඔහුගේ රංගනය වෙනුවෙන්. හොදම නිළිය වූයේ කේට් බ්ලැන්ෂට්.