fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශගත වීමට මහින්දට අධිකරණයෙන් අවසර

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2023 18:06

විදේශගත වීමට මහින්දට අධිකරණයෙන් අවසර

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා.

ලබන 20 වනදා සිට 30 වනදා දක්වා විදේශගත වීමට මහින්ද රාජපක්ෂ මහතාට මෙසේ අවසර ලබා දුන්න් කොන්දේසි දෙකක් මතයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිතිඥවරයා මෝසමක් ගොණු කරමින් ප්‍රකාශ කළේ සිය සේවා දායකයාට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසද නියෝග කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2023 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්