fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩාවෙන් රුපියල් මිලියන 817ක මානුෂීය ආධාර

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2023 12:52

කැනඩාවෙන් රුපියල් මිලියන 817ක මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 817 ක් ලබාදීමට කැනඩාව ඉදිරිපත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතුකුරුස හා රතු අඩ සඳ සම්මේලනය ක්‍රියාත්මක කර ඇති මානුෂීය වැඩසටහන්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ආධාර ලබාදෙන බවයි.

ආහාර, සෞඛ්‍ය සහ පෝෂණ සේවා, පිරිසිදු ජලය ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය සේවා සදහායි මෙම ආධාර මුදල පිරිනැමෙන්නේ.

ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දක්වමින් ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සදහා කැනඩාව මේ වනවිටත් ප්‍රතිචාර දක්වා ඇති බවද කැනඩා තානාපතිකාර්යාලය පවසනවා.

මෙම දුෂ්කර කාලයේ දී කැනඩාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අතර සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහායවීමට කැපවී සිටින බවයි කැනඩා තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2023 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්