ගොයම් කහ පැහැවීම : යූරියා පොහොරවල ප්‍රමිතියේ ගැටලුවක් නැහැ -කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
Related Articles
ගොයම් කහ පැහැවීම යූරියා පොහොරවල ප්‍රමිතියේ ගැටලුවක් බවට ඇතැම් ගොවීන් කරන ප්‍රකාශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරනවා. දැනට භාවිත කරන යූරියා පොහොරවල ප්‍රමිතිය පිළිබඳ කිසිඳු ගැටලුවක් නැති බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව රෝග කිහිපයක් දක්නට ලැබෙනවා. ගොයම් කහ පැහැ ගැන්වීම ඉන් එක් රෝගයක්. ඊට ප්‍රධාන හේතුව පෝෂණ ඌනතාව බවටයි හදුනාගෙන ඇත්තේ. ඇතැම් කුඹුරුවල ලවනතාව ඉහළයාම ද හේතුවී තිබෙනවා.
කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර සහ වටපනු රෝගය ද ගොයම් කහ පැහැ ගැන්වීමට හේතුවී ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. පසුගිය කන්න තුනක් මඩ පොහොර, යූරියා පොහොර සහ බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් ගසට අවශ්‍ය පෝෂණය අවම වී තිබෙනවා.
මහ කන්නයේ දී පොහොර ලබාදුන්නද ඇතැම් ගොවීන් මෙතෙක් තම කුඹුරුවලට එම පොහොර යොදා නැති බවයි කෘෂි නිලධාරීන් පවසන්නේ. රජයේ සහ පුද්ගලික අංශය ආනයනය කරන යූරියා පොහොර සියල්ලම ජාතික පොහොර ලේකම් කාර්යාලය, රසායනාගාර වාර්තා ලබාගැනීමෙන් පසු අනුමැතිය ලබාදුන් ඒවායි. එබැවින් යූරියා පොහොරවල ප්‍රමිතිය උසස් තත්ත්වයේ පවතින බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.