පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 14 ක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට
Related Articles
පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 14 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්වුණා.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය උඩුගම්පොල ප්‍ර දේශයේ මාර්ග බාධකයක් යොදා සැකකටයුතු වාහන පරීක්ෂාවට ලක්කරමින් සිටියා.
එහිදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලය හා ජීව උණ්ඩ සමඟ මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ට අදාළ සිද්ධියට අනුබල දුන් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් පිස්තෝලය උපයෝගී කරගෙන කිසියම් අපරාධයක් සිදුකිරීමට සැළසුම්කර තිබුණේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.