කැරළි කණ්ඩායම්වලට නායකත්වය දුන් අය අත්අඩංගුවට ගන්න බ්‍රසීල රජයෙන් නියෝග
Related Articles
බ්‍රසීල කැරළි කණ්ඩායම්වලට නායකත්වය දුන් ඉහළ පෙළේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට එරට රජය නියෝග නිකුත් කර තිබෙනවා.
පසුගිය ඉරිදා සිට බ්‍රසීලයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයට නායකත්වය ලබා දුන් හිටපු මහජන ආරක්ෂක ප්‍රධානී ඇන්ඩර්සන් ටොරස් ඇතුළු නායකයන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ වන විටත් එරට හමුදා පොලිසියේ හිටපු අණ දෙන නිලධාරියා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ජෙයර් බොල්සෙනාරෝ ජයගත් බවට පිළිගන්නැයි බල කරමින් ඔහුගේ ආධාරකරුවන් බ්‍රසීල ජනාධිපති මන්දිරයට ශ්‍රේෂ්ඨාධිකරණයට හා කොංග්‍රසයට කඩා වැදී එහි දේපළවලට අලාභහානි සිදුකළා. ඊට සම්බන්ධ බවට චෝදනා ලැබූ පොලිස් ප්‍රධානී කර්නල් ෆේබියෝ ඔගස්ටෝ ධූරයෙන් ඉවත් කිරීමටද කටයුතු කෙරුණා.
ලූලා ද සිල්වා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් සතියකට පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවීම විශේෂත්වයක්.