එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළා.
“අපි එකට මැතිවරණයට තරඟ කරනවා, සමහර ප්‍රදේශවලට පොහොට්ටුව ලකුණෙනුත්, සමහරක් අලියා ලකුණෙනුත්, තවත් සමහරක් පොදු ලකුණෙනුත් තරඟ කරනවා” එජාප මහලේකම්වරයා පැවසුවා.
“කොළඹ මහ නගර සභාවට, මහනුවර මහ නගර සභාවට සහ පුත්තලම නගර සභාවට “අලියා” ලකුණින් තරඟ කිරීමට අපි දැනටමත් පොදු එකඟතාවයකට පැමිණ තිබෙනවා.” ඔහු වැඩිදුරටත් කියාසිටියා.