නිව්යෝර්ක් නගරයේ රෝහල් දෙකක හෙද හෙදියන් වැඩවර්ජනයක
Related Articles
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ විශාලතම රෝහල් දෙකෙහි සේවයෙහි නියුතු හෙද හෙදියන් වැඩවර්ජනයක නිරතවනවා.
වැඩ වර්ජනය සදහා හෙද හෙදියන් හත්දහසක් පමණ එක්වී සිටිනවා. වැටුප් හා කාර්ය මණ්ඩල පිරිස් සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේදී පැවති සාකච්ඡා එකගතාවයකින් තොරව නිමාවට පත්වීමත් සමගයි වැඩවර්ජනය ආරම්භ කෙරුණේ. ඊයේ උදෑසන 6ට පමණ ආරම්භ වූ වැඩවර්ජනය සදහා මෑන්හැට්න්, මවුන්ට් සයිනයි රෝහලේ හෙද හෙදියන් 3600ක් හා බ්රෝන්ක්ස් , මොන්ට ෆියෝර් රෝහලේ හෙද හෙදියන් 3500ක් පමණ සහභාගී වුණා. සේවක පුරප්පාඩු මධ්‍යයයේ රාජකාරී සිදුකරන අතර එක් හෙදියකට භාරදී ඇති රෝගීන් ප්‍රමාණය ද දරාගත නොහැකි මට්ටමක පවතින බවයි නිව්යෝර්ක් හෙද සංගමය සදහන් කරන්නේ.