පාස්කු ප්‍රහාරයට මෛත්‍රී වගකිව යුතු බවට චන්ද්‍රිකා කළ ප්‍රකාශය ශ්‍රීලනිපය හෙළා දකියි
Related Articles
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලියු ආර් ඩි බණ්ඩාරනායක මහතාගේ ගුණසමරුව පසුගිය දා ගාලුමුවදොර දී පැවැත්වුණා. ඊට සහභාගී වු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කලේ 2019 වසරේ සිදු වු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා වගකිව යුතු බවයි.
මෙම ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරන්නේ වසර 11ක රාජ්‍ය පාලනයක් දැරූ එතුමියගේ කාලය තුළ සිදුවු සියලු ත්‍රස්ත ප්‍රහාරවලට ඒ මහත්මිය වගකිව යුතු බවයි. දෙවතාවක් රටේ රාජ්‍ය නායකත්වය දැරූ නායිකාවකගේ පරිණත දේශපාලන භාවිතය එතුමිය තුළින් නොදකින බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.