වතු සේවකයින්ගේ ගැටලු කාර්යක්ෂමව විසදීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ශ්‍රීලංකාවට පැමිණ වසර 200ක් ගතවනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාවට නංවන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. එහිදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා තවදුරටත් කියා සිටියේ වතු කම්කරු ක්ෂේත්රයට අදාළ නීති රීති වඩාත් කාර්යක්ෂම සහ සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි. ඔවුන්ගේ ප්‍රශ්න සොයා බැලීමේ විශේෂ වැටලීම් අංශයක් පිහිටුවන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ලිපි යැවීමේදී අනිවාර්යයෙන්ම දෙමළ භාෂාවද භාවිත කළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ. වතු කම්කරුවන්ට අවශ්‍ය විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම් ආදිය ලබාදීමේ අවශ්‍යතාව ද ඒ මහතා පෙන්වා දුන්නා. ජීවන් තොණ්ඩමන්, වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.