fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2023 10:56

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

ගාල්ල ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍ර කපා මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බල්ගේරියා ජාතිකයන් දෙදෙනෙකු,  පොලිස් නිලධාරියෙකු ඇතුලු පුද්ගලයන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ශ්‍රී ලංකා පොලිසියේ පරිගනක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. කොළඹ හැව්ලොක් ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමවලදි එක් බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැණුනා. අනෙක් බල්ගේරියා ජාතිකයා මෙරටින් පළා යාමට උත්සාහ දැරිමේ දි අත්අඩංගුවට ගැණුනේ කටුනායක ගුවන්තොටුපලේදීයි. සැකකරුවන් ඊයේ රාත්‍රියේ බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2023 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්