fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2023 08:59

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 95,000කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 336 ක්. දකුණු කොරියාවෙන් 19,000 ක් තායිවානයෙන් 17,000 ක් හා ඇමෙරිකාවෙන් 15,000ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒත් සමගම ලොව සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහය කෝටි අනූලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ පහළොස්දහස් අටසිය අසූඅටක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2023 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්