fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුමෙනියාවේ රැකියාවලට යන පුද්ගලයින්ට දැඩි නීතිරීති අනුගමනය කිරීමට වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 14:52

රුමෙනියාවේ රැකියාවලට යන පුද්ගලයින්ට දැඩි නීතිරීති අනුගමනය කිරීමට වැඩපිළිවෙලක්

රුමේනියාවේ රැකියාවලට යන පුද්ගලයින්ට දැඩිව නීතිරීති ක්‍රියාත්මක කරන බවත්, රැකියාවට යැයි එම රටට ගොස් වෙනත් රටකට පැනීමට හෝ වංචනික ලෙස මාරුවීමට කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

ඒ අනුව, එසේ වංචනික ලෙස රටින් පැනීමට උත්සහ කරන්නවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක්ද සකස් කරන බව සඳහන් කළ ඒ මහතා එලෙස වංචනික ලෙස කටයුතු කරන ඇතැමුන් නිසා රුමේනියාවේ විශාල වෙළඳපොළක් අහිමිවීමට බොහෝ ඉඩකඩ නිර්මාණය වී ඇති බවත් සඳහන් කළේය.

රුමේනියා රාජ්‍ය විශාල වෙළඳපොළක් ව ඇති නිසාත් ඇතැමුන් රුමේනියාවෙන් යුරෝපයට පැනීමට හැකි යැයි බලාපොරොත්තු වන නිසාත් රුමෙනියාවට තිබෙන ඉල්ලුම වැඩි වී තිතිබෙන බවත්, රුමෙනියාවට රැකියා වලට යැවීමේ දී එම පුද්ගලයින්ට රැකියා මාරුවීම් හෝ රටින් පැනීමට උත්සහ කිරීම් කළහොත් එම තත්ත්වට පාලනය කිරීමට අවශ්‍ය දැඩි නීතිරීති අනුගමනය කිරීමටත්, එසේ කළ හොත් ඔවුන්ගේ ලංකාවේ දේපොළ භාරයට ගැනීමට හෝ අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනබවත් හෙතෙම සඳහන් කළේය.

නමුත් රුමේනියාවෙන් වෙනත් රටවල් වලට යාම් හෝ එමඟින් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීමට අවකාශයක් නොමැති බව සඳහන් කළ ඒ මහතා මෙසේ ද පැවසීය.

“එහෙම වැරදි බලාපොරොත්තු තබාගෙන යන්න බලාගෙන ඉද්දි රුමෙනියාවට යාමට ඉල්ලුම වැඩි වෙනවා, එහෙම ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම අඩුවෙනකොට යම්කිසි ආකරයක මිල වැඩි වීමක් සිදුවෙනවා.

ඒ වගේම මිනිසුන්ගේ තිබෙන නොදැනුවත් කම නිසා යුරෝපා රටකට පැන ගැනීමට මිනිසුන්ගේ තිබෙන ආසාව නිසාම නොදන්නා කණ්ඩායම් වලට ලියාපදිංචි නොවු ආයතන වලට හෝ තැරැව් කරුවන්ට බොරුකරයින්ට අහු වෙන බවට අපට වාර්තා වෙනවා. සුදුසුකම් සපුරාගෙන සිටින පුද්ගලයින්ට එම රටේ රැකියාවලට යා හැකියි. අය කරන මුදල් ප්‍රමාණය මෙන්ම ලැබෙන වැටුප සහ වියදම අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කර ඇති ගණන් වලට වඩා අය කිරීමට නියෝජිත ආයතන වලට හැකියාවක් නැහැ” යනුවෙනි.

එමෙන්ම, රුමේනියානු රාජ්‍යට ගිය අවුරුද්ද වන විට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා දෙගුණයක් බඳවාගැනීමට රුමේනියානු තානාපතිවරයා එකඟත්වය පළ කර ඇති බවත්, විශාල රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාවක් විදේශ රැකියා අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ලංකාවට මේ තත්ත්වය ලබා දීමට උත්සහ කරමින් සිටින බවත්, 7,479 ක් 2022 අවුරුද්දේ විදේශ ගත වී තිබෙන හෙයින් මේ අවුරුද්දේ එම සංඛ්‍යාව 15,000 ක් දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා තානාපතිවරයා ඒක දෙගුණ කරගන්න උපරිම උත්සාහය ගැනීමට එකඟතාවට පළ කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2023 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්